කොවිඩ් 19 ආසාදිත තවත් මරණ හතරක් අද(03) පස්වරු 6.50 වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 579ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අකුරණ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක්, රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වනේනේ.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
Discussion about this post