ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 131,011,635ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වූවන්ගේ සංඛ්‍යාවද 2,853,522ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ලොව පුරා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් මේ වන විට 105,456,529 දෙනෙක් සුවය ලබා ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
මේ අතර අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 31,318,470ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 567,680ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් අමෙරිකාවේ සමස්ත ආසාදිතයන්ගෙන් මේ වන විට ආසාදිතයන් 23,826,158 දෙනෙක් සුවය ලබා තිබෙනවා.
බ්‍රසීලයෙන් ආසාදිතයන් 12,912,379ක්ද ඉන්දියාවෙන් 12,413,137 දෙනෙක්ද වාර්තා වනවා.
Discussion about this post