නගරයක් ලෙස හදුන්වන නාඋල නගරය අනාගතයේ දී නාඋල හංදිය ලෙස හැදින්වීමට සිදුවනු ඇති බව නාඋල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රි එච්.එම්. ප්‍රියන්ත මහතා පසුගිය දා කියා සිටියා.
නාඋල නගරයේ පිහිටා තිබූ කම්කරු කාර්යාලය මේ වන විටත් නගරයෙන් ඉවත්කර ගෙන ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
එමෙන්ම මිනින්දෝරු කාර්යාලය නොබෝ දිනකින් ලග්ගල නගරයට රැගෙන යාමට නියමිත බව ද මන්ත්‍රිවරයා සභාව හමුවේ කියා සිටියා.
හෙතෙම මෙම අදහස් පල කළේ පසුගිය 6 වැනිදා පැවති නාඋල ප්‍රාදේශිය සභා මාසික රැස්වීම අමතමිනි.
මාසික සභා රැස්වීම නාඋල ප්‍රාදේශිය සභාව සභාපති සනත් දසනායක මහතාගේ (ශ්‍රී ලං.පො.ජ.පෙ.)ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
රාජ්‍ය ආයතන මේ ආකාරයෙන් නාඋල නගරයෙන් වෙනත් ප්‍රදේශවලට ගෙනයාම හේතුවෙන් නාඋල නගරයට පැමිණෙන පිරිස් අඩුවී යන බව ද මන්ත්‍රිවරයා කියා සිටියා.
පැති කිහිපයක් කඩා වැටිමට ලක්වනවා පමණක් නොව ජනගහනයේ අඩුවීමක් ද මේ හේතුවෙන් ඇති වන බව සභාව හමුවේ ප්‍රියන්ත මන්ත්‍රිවරයා කියා සිටියා.
ALSO READ : 15 වියැති පාසල් සිසුවෙක් දියේ ගිලී මරුට
එමෙන්ම නාඋල නගර මධ්‍යයේ පිහිටි අධිකරණය ද ඉවත් කිරිමේ සැලසුමක් පවතින බව ද හෙතෙම සභාව හමුවේ කියා සිටියා.
එච්.එම්.ප්‍රියන්ත මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු ලබාදුන් නාඋල ප්‍රාදේශිය සභා සභාපති සනත් දසනායක මහතා කියා සිටියේ නාඋල පිහිටි මසේත්‍රාත් අධිකරණය වෙනත් ස්ථානයකට රැගෙන යන්නෙ නම් තමන් සතුටට පත්වන බවයි.
අධිකරණය ඉවත් කිරිම නගරයෙ දියුණුවට බාධාවක් නොවන බව ද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් සෙසු රාජ්‍ය ආයතන නාඋලින් ඉවත් කිරීම හේතුවෙන් නගරයට යම් බාධාවක් එල්ල වන්නේ නම් තමන් ඒ සම්බන්ධයෙන් කණගාටු වන බව ද මාසික රැස්වීම අමතමින් සභාපති සනත් දසනායක මහතා කියා සිටියා.
Discussion about this post