අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනුයේ සංචාරක මණ්ඩලයේ අනුමැතියලත් සුරාබදු බලපත්‍ර සහිත හෝටල් බලපත්‍ර හා විශේෂ බුටික් විලා බලපත්‍රලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සුරාසැල් එම දින දෙක තුළ වසා තැබෙන බවයි.
මේ අතර අප්‍රේල් 26 වන දිනට යෙදී ඇති බක් පුර පසළොස්වක පෝය දිනයේ දී ද දිවයිනේ සියලු සුරාසැල් වසා දැමීමට නියෝග කර තිබෙනවා.
Discussion about this post