අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ සිසුන්ට බලහත්කාරයෙන් අන්තවාදී ඉගැන්වීම් සිදුකල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් 30 හැවිරිදි සහ 39 හැවිරිදි අදාළ සැකකරුවන් දෙදෙනා ඔලුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම පන්තිවලදී මූලධර්මවාදය අන්තවාදය පිළිබඳ යම් අදහස් ඇතුළත් දේශන පවත්වා ඇති බවට වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
READ MORE : කොවිඩ් ආසාදිතයන් ගණන 93993ක් දක්වා ඉහළට
2018 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම පන්ති ඔලුවිල් ප්‍රදේශයේදී පවත්වා ඇති බවට වාර්තා වන බවත් මෙම පන්ති ආරම්භ කිරීමට පෙර එම පන්තිවලට සහභාගි වූ සිසුන්ගේ කැමැත්තකින් තොරව යම් යම් ශාරිරික අභ්‍යාසද සිදු කර ඇති බවත් එම අභ්‍යාසවලට අකමැති වූ සිසුන්ට පහරදීම් සිදු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝාජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා.
Discussion about this post