ගනේමුල්ල, දකුණු ගලහිටියාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කරන ලද මෙහෙයුමකදී නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද කහ තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
එහිදී නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 1200ක් පමණ සොයාගෙන ඇති බවත් බැලුම්මහර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉදිරි විමර්ශන ගනේමුල්ල පොලිසිය විසින් සිදු කෙරෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.
තවත් පුවත් කියවන්න.
Discussion about this post