ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිලෝන් තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා අනුමැතිය දී තිබෙනවා.
ඒ අනුව එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, දාරුල් අදර් ජමිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය/ ජමියා, අයි.එස්.අයි.එස් සංවිධානය, අලිඩි කයිඩා සංවිධානය, සෙව් ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය යන සංවිධාන මෙලෙස ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇති.
ඉස්ලාම් අන්තවාදී මතවාද දරන ප්‍රධාන පාර්ශ්ව රැසක් මෙරට තුළ තිබෙන බවට මේ වන විට අනාවරණය කර ගෙන තිබෙන අතර එම අන්තවාදී සංවිධාන වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලෙසට පාර්ශ්ව රැසක් රජයෙන්ද ඉල්ලා තිබුණා.
ALSO READ THIS NEWS : අන්තවාදී ඉගැන්වීම් කළ දෙදෙනෙක් TID අත්අඩංගුවට
පාස්කු ප්‍රහාරයෙන් පසු අනාවරණය වූයේ ශ්‍රී ලංකාව තුළ මේ ආකාරයෙන් වහබ්වාදී මත පතුරමින් ක්‍රියාත්මක වන සංවිධාන රැසක් ක්‍රියාත්මක වන බවයි.
පාස්කු ප්‍රහාරයට පෙරද මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් එවකට පැවති යහපාලන ආණ්ඩුවට බුද්ධි අංශ සහ බෞද්ධ සංවිධාන ඇතුළු ස්වේච්ඡා සංවිධාන දී තිබුණ ද ඒ කිසිවක් සඳහා එම ආණ්ඩුව ක්‍රියාත්මක නොවූ බවට චෝදනා එල්ල වූවා.
Discussion about this post