ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සියලූ ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ, පවතින වියලි කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
විශේෂයෙන් ගම්පහ ඇතුලූ දිස්ත්‍රික්ක කිහිපයක මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමඟ ජල ඉල්ලූම ඉහළ ගොස් ඇති බව සදහන්.
ඒ අනුව ජල සම්පාදන මණ්ඩලය විසින් ලබාදෙන ජලය මේ දිනවල වෙනත් කටයුතු සඳහා යොදා නොගන්නා ලෙසට ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජල පාරිභෝගිකයන්ට දැනුම් දෙනවා.
Discussion about this post