2021-02-25 [Thursday]
  • Contact Us
  • Privacy Policy
LankaGround News
Advertisement
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
  • Home
  • Local News
  • Foreign News
  • Sports News
  • Gossip News
  • covid19
No Result
View All Result
LankaGround News
No Result
View All Result

පනාගොඩින් අසුවූ ලංකාවේ ලොකුම ෆේස්බුක් සාදය…

2020-02-03 @ 3:49 PM
5
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

RelatedPosts

නිදහස් පක්ෂයෙ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වේ

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

2021-02-24 @ 3:54 PM
4
පකිස්ථාන – ශ්‍රී ලංකා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවධානය

පකිස්ථාන – ශ්‍රී ලංකා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවධානය

2021-02-24 @ 3:52 PM
10
ශිවාජිලිංගම් රෝහල්ගත කරයි

ශිවාජිලිංගම් රෝහල්ගත කරයි

2021-02-24 @ 3:42 PM
1

‘‘මචං අරුණ අතේ සතයක් වත් නැහැ බන් මේ දවස්වල. කොච්චර හම්බකළත් කීයක්වත් ඉතුරු කරගන්නවත් බැහැ. ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. හරියට සෙට්වෙන්නවත් බැරි වුණානේ කාලෙකින්.’’

‘‘ඒකනම් ඇත්ත ලසිත. මටත් පිස්සු හැදිලා. ගත්ත ලෝන් එකටවත් සල්ලි දාගන්න බැරිවුණා මාස ගාණකින්. කොහොම හරි සල්ලි ටිකක් හොයා ගන්න ඕනා ඉක්මනට. නැත්නම් වහ ටිකක් තමයි කන්න වෙන්නේ.’’

‘‘ඉක්මනට සල්ලි හොයනවා කියලා ගස් වලින් කඩන්නද බන්. කරන්න තියෙන්නේ එක දෙයයි. මොකද කියන්නේ. සෙට් වෙලා ගහමුද ගේමක්.’’

‘‘සෙට් වෙලා ගේමක් ගහමු කියන්නේ බැංකුවක්වත් මංකොල්ල කන්නද බං.’’

‘‘උබට පිස්සුද? මම කියන්නේ කිසිම අවුලක් නැතිව සල්ලි හොයන වැඩක්. එක රැයකින් අපි ලක්ෂපතියෝ වෙනවා.’’

‘‘ කියපන්කො බං අගේ නොකර උඹගේ මහ ලොකු ලක්ෂපති වැඬේ.’’

‘‘මේකයි දාමු බන් ෆේස් බුක් පාටියක් ඕන දෙයක් වෙන්න කියලා.’’

‘‘නියම අදහසනේ බං. දාමු එහෙනම් එකෙන්ම’’

අතුරුගිරිය ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අරුණ තම හොඳම මිතුරා ලසිත සමග පසුගිය දිනක එලෙස කතා බස් කළේය. ඒ ෆේස් බුක් සාදයක් සංවිධානය කරමින් මුදල් ටිකක් සොයා ගැනීම සඳහාය.

වර්තමානයේ ෆේස් බුක් සාද රැල්ලක් බවට පත් වෙමින් තිබේ. ඒවා සඳහා සහභාගි වීමට වෙනම තරුණ තරුණියෝ පිරිසක්ද සූදානමින් සිටිති.

අරුණ එම ෆේස් බුක් සාදයේ ඉදිරි වැඩ කටයුතු කතා කර ගැනීම සඳහා දිනයක් නියම කර ගත්තේය. එ අනුව ඔහු ලසිත ඇතුළු තවත් කිහිප දෙනකුට ආරාධනා කර කළේය.

නියමිත දිනය උදාවිය. අරුණ කියූ ස්ථානයට සියල්ලෝම පැමිණ තිබුණහ. මත්පැන් බෝතලයක් පානය කරමින් ඔවුහු ෆේස් බුක් සාදය ගැන කතා බස් කළහ. ඒ මෙලෙසින්ය.

‘‘මචං මම ෆේස් බුක් පාටි කිහිපයක්ම සංවිධානය කිරීමට දායක වෙලා තියෙනවා. හරියට ගේම ගැහුවොත් හොඳ ගානක් හොයා ගන්න පුළුවන්. ඒකට උඹලා මට උදව් කරන්න ඕනා එකෙන්ම.’’

‘‘හරි අරුණ අයියට අපි නොකරන දෙයක් තියෙනවද? පණ වුණත් දෙන්නම්.’’

‘‘එච්චරයි මට උඹලගෙන් වෙන්න ඕනා. දන්නවනේ මට හරිගියා කියන්නේ උඹලට හරිගියා වගේ තමයි. මම මේකේ ලාබේ තනියම ගන්නේ නැහැ. උඹලත් එක්ක තමයි බෙදා ගන්නේ.’’

‘‘හරි අයියේ අපි දන්නවනේ ඒක. දැන් කොහොමද වැඬේ කරන්නේ.’’

‘‘මෙන්න මෙහෙමයි වෙන්නේ. මම දන්න හොටෙල් එකක් තියෙනවා හෝමාගම, පනාගොඩ ලේලන්ඞ් හංදියේ. එතන තමයි මේ පාටිය තියන්නේ. මොකද හෝටලය අපි අඳුනන එකක් වෙන්න ඕනා එකෙන්ම. නැත්නම් කේස් ගොඩයි.’’

‘‘එකනම් ඇත්ත’’

‘‘හරි දැන් හෝටලය ගැන බයවෙන්න දෙයක් නැහැනේ. ඊළඟට අදාළ පොලිසියත් මම දැනුවත් කරන්න බලන්නම්. නැත්නම් කේස් වෙන්න පුළුවන් කෙල්ලෝ කොල්ලෝ බීලා පිස්සු කෙලින්න ගත්තම.’’

‘‘ඔව් ඒකනම් ඇත්ත. දැක්කනේ සමහර පාටිවල කෙල්ලෝ කොල්ලෝ හොඳට බීලා නිරුවතින් පවා පිස්සු කෙලපු හැටි. ඇයි තවත් තැනක බීලා ගමේ උන් එක්ක ගේමක් ඉල්ලගෙන තිබුණේ. ඒවගේ කේස් ගොඩක් ගිහින් තියෙනවා හුඟක් ෆේස් බුක් පාටිවල.’’

‘‘ඔව් අරුණ අයියේ ඒකනම් ඇත්ත.’’

‘‘හරි බන් මම දන්නවා. ඒවා සේරම මම බලා ගන්නම්. උඹලා බය නැතිව හිටපන්. මම කියන විදිහට වැඬේ කරපන් එච්චරයි මට වෙන්න ඕනේ.’’

‘‘දැන් කොහොමද මේ පාටි එකට පබ්ලිසිටි එක දෙන්නේ’’

‘‘එන්න කාලා බීලා සතුටුවෙලා යන්න මේක වෙනම ආතල් එකක්. ඔන්න ඔය වගේ වචන ටිකක් දාලා පොස්ට් එකක් හදලා ෆේස් බුක් එකේ ශෙයා කරමු. මම දැනටමත් හදන්න දීලා තියෙන්නේ ඇඞ් එක.’’

‘‘ෂා නියමයිනේ.’’

‘‘දන්නවනේ ඉතින් මගේ වැඩ. එක නොවෙයි මේක තමයි වැදගත් දේ. එන එක් අයකුගෙන් රුපියල් දෙදහක මුදලක් අය කරනවා. සල්ලි කලින්ම බෑන්ක් එකකට දාන්න කියලා අපි කියමු. පාටියට එන දවසට බෑන්ක් ස්ලිප් එක ගේන්න කියමු. එදාට සල්ලි එකතු කරන්න ගියොත් කරදරයි. ඒක නිසා තමයි මෙහෙම කරන්නේ’’

‘‘ඒක හොඳ අදහසක් තමයි.’’

‘‘අනික අපිට ගානක් කපා ගන්න පුළුවන් වෙන්නේ එන අයට මත්පැන් විකුණලා තමයි. අරක්කු, ගංජා, අයිස්, ඩාන්සින් ටැබ්ලට් ආදි හැම එකක්ම තියෙන්න ඕනා. ඒවා විකුණන්නෙ අපි බ්ලැක් මාකට් එකට. හොඳ ගාණක් හොයාගන්න පුළුවන් එතකොට.’’

ඒ වන විටත් ඔවුන් මත්පැන් බෝතල් කිහිපයක්ම හිස් කර තිබුණි. අරුණ හැර අනෙක් අය සිටියේ පදම ඉක්මවා ගොසින්ය. ඉන්පසු පදම ඉක්මවා සිටි ඔවුහු මෙම සාදය ගැන නොයෙක් කතා පැවසූහ. එහෙත් අවසානයේ හොඳම කථාව ඇසුවේ ලසිතයි. ඒ මෙලෙසින්ය.

‘‘අපි පාටිය ගැන ගොඩක් දේවල් කථා කළාට තියෙන දිනය ගැන කථා කළේ නැහැනේ.’’

‘‘ඒකනේ අයියේ. කවදද පාටිය තියෙන්නේ.’’

‘‘ජනවාරි 25 වැනිදා රාත‍්‍රී 7 සිට පසුදා අලූයම 5 වන තෙක්.’’

‘‘නියමයි අයියා නියමයි.’’

සියල්ලෝම එකම හඬින් එලෙස පැවසූහ. එලෙසම සාදය ගැන කතාව එතැනින් නිමවිය.

පසුදින සිටම අරුණ ඇතුළු පිරිස ෆේස් බුක් සාදය සංවිධානය කිරීමට පියවර ගත්හ. සාදය පිළිබඳ සියලූ විස්තර ඇතුළත් දැන්වීමක් ෆේස් බුක් ජාලයේ හුවමාරු කර ගත්තේය. දින කිහිපයක් ගත විය. ඔවුනට නොසිතූ තරම් ප‍්‍රතිචාර තිබුණී. පාසල් යන නොයන, රැකියා කරන නොකරන තරුණ තරුණියෝ විශාල පිරිසක් මෙයට සහාභාගි වන බව දන්වා තිබුණි. නියමිත දිනය ළඟා වන විට 500 කට අධික තරුණ තරුණියෝ පිරිසක් සාදයට සහාභාගි වන බව දන්වා තිබුණි.

එය එලෙස සිදුවෙද්දි මෙම සාදය ගැන තොරතුරක් පාදුක්ක සුරාබදු මධ්‍යස්ථානයේ ස්ථානාධිපති ප‍්‍රධාන සුරාබදු පරීක්ෂක සුමිත් චන්ද කුමාර මහතාට දැන ගන්නට ලැබුණි. ඒ අනුව මෙම සාදය ගැන ඔහුට සැක සිතුණි. තම නිලධාරීන් දෙදෙනකුට බැංකුවට මුදල් දමා එම සාදයට සහාභාගි වන ලෙස ඔහු පැවසුවේය.

නියමිත දිනය උදාවිය. සවස 6 පමණ වන විට එම හෝටලය වෙත තරුණ තරුණියෝ විශාල පිරිසක් පැමිණියහ. ඒ අතර සුරාබදු නිලධාරීන් දෙදෙනාද සිටියේය.

සවස 7 ට වේග රිද්මයේ ගීතාවලියකින් සාදය ආරම්භ කෙරුණි. පළමු පැය කිහිපය එතරම් විනෝදයක් නොතිබුණත් මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීමත් සමග තරුණ තරුණියෝ වැඩි වැඩියෙන් විනෝද වන්නට පටන් ගත්හ. එම සාදයේ දෙස් විදෙස් අරක්කු, ගංජා, අයිස්, ඩාන්සින් ටැබ්ලට් ආදී සෑම දෙයක්ම විකිණිමට තිබුණි. ඒවා පානය කළ තරුණ තරුණියෝ එන්න එන්නම පිස්සු කෙළින්නට පටන් ගත්හ.

පෙම්වතුන් පෙම්වතියන් සමග අඳුරු ස්ථානවල තමන්ගේ ලෝකවල තනිවූහ. සමහරු ඒ දෙස බලා වෙනම වින්දනයක් ලබා ගත්හ. තව තරුණ තරුණියෝ පිරිසක් වේග රිද්මයේ ගීත වලට අසිහියෙන් මෙන් නැටූහ. තවත් අය විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියහ. ඒ අතර පදම වැඩිවී කිසිවක් කරගත නොහැකිව අහුමුලූ වල සිටි කිහිපදෙනෙක්ද සිටියහ. කොටින්ම කියතහොත් එහි සිටි බොහෝ අය සිටියේ අසිහියෙන්ය. එයට ප‍්‍රධානම හේතුව විවිධ වර්ගයේ මත්ද්‍රව්‍යයයි.

සිදුවන සියලූ දේ පිළිබඳව සුරාබදු නිලධාරීන් දෙදෙනා බලා සිටියහ. නීති විරෝධී මත්පැන් විකිණිම ආදි වැරදි කිහිපයක් එම ස්ථානයේ සිදුවන බව ඔවුන් දැන ගත්තේය. ඒ පිළිබඳව ඉහළ නිලධාරීන්ව දැනුවත් කළහ. ඒ අනුව කි‍්‍රයාත්මක වූ සුරාබදු නිලධාරීන් අදාළ ෆේස් බුක් සාදය වැටලූහ.

ඒ වැටලීම සිදුකරන අවස්ථාවේ තරුණ තරුණියන් 400 කට අධික පිරිසක් එහි සිටියහ. එයට අමතරව බියර් කෑන් 56 ක්, දේශීය මත්පැන් බෝතල් 55 ක්, විදේශීය මත්පැන් බෝතල් 15 ක්, බදු නොගෙවූ දුම්වැටි 120 ක්, අයිස්, ඩාන්සින් ටැබ්ලට් සහ තවත් හඳුනා නොගත් මත් පෙති වර්ග කිහිපයක්ද සොයාගෙන තිබුණි. ඒ අනුව මෙම සාදය සංවිධානය කළ ප‍්‍රධාන පුද්ගලයා සහ එයට උදව් උපකාර කළ අය අත්ඩංගුවට ගෙන නීතිමය ක‍්‍රියා මාර්ග ගැනීමට එම නිලධාරීහු කටයුතු කළහ.

ඉදිරියේදීත් මෙවැනි සාද පැවැත්වේ. එම නිසා ඔබේ දරුවා ගැන සැලකිලිමත් වන්න. වැඩිහිටියන්ගේ යුතුකම එයයි.

ගයාන් සමරසිංහ

උපුටා ගැනීම – දිවයින ඉරිදා සංග්‍රහය

Share5TweetPinSend

Related Posts

නිදහස් පක්ෂයෙ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වේ
Breaking News

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

2021-02-24 @ 3:54 PM
4
පකිස්ථාන – ශ්‍රී ලංකා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවධානය
Breaking News

පකිස්ථාන – ශ්‍රී ලංකා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවධානය

2021-02-24 @ 3:52 PM
10
ශිවාජිලිංගම් රෝහල්ගත කරයි
Breaking News

ශිවාජිලිංගම් රෝහල්ගත කරයි

2021-02-24 @ 3:42 PM
1
මියගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තකින් හමුවෙයි
Breaking News

මියගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තකින් හමුවෙයි

2021-02-24 @ 3:36 PM
6
විදුලිය බිඳ වැටීම පිළිබඳ කමිටු වාර්තාව භාරදීම අද
Breaking News

විදුලිය බිඳ වැටීම පිළිබඳ කමිටු වාර්තාව භාරදීම අද

2021-02-23 @ 3:16 AM
2
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට එන්නත්කරණය අද සිට
Breaking News

තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට

2021-02-23 @ 3:11 AM
4

Discussion about this post

Local News

නිදහස් පක්ෂයෙ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වේ

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

2021-02-24 @ 3:54 PM
4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ මූලස්ථානයේදී අද(24) පස්වරුවේ ආරම්භ වී තිබෙනවා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති...

පකිස්ථාන – ශ්‍රී ලංකා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවධානය

පකිස්ථාන – ශ්‍රී ලංකා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවධානය

2021-02-24 @ 3:52 PM
10

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව අද...

ශිවාජිලිංගම් රෝහල්ගත කරයි

ශිවාජිලිංගම් රෝහල්ගත කරයි

2021-02-24 @ 3:42 PM
1

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ. ශිවාජිලිංගම් මහතා ඊයේ(23) රෝහල්ගත කොට ඇති බව යාපනය පේදුරුතුඩුව...

මියගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තකින් හමුවෙයි

මියගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තකින් හමුවෙයි

2021-02-24 @ 3:36 PM
6

මියගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් හැටන් කොටගල මේෆිල්ඩ් වතු යායට අයත් ලොග්ගිල් තේ වත්තේ කොටසේ තිබි අද (24) දින හමු වූ...

විදුලිය බිඳ වැටීම පිළිබඳ කමිටු වාර්තාව භාරදීම අද

විදුලිය බිඳ වැටීම පිළිබඳ කමිටු වාර්තාව භාරදීම අද

2021-02-23 @ 3:16 AM
2

2020 අගෝස්තු 17 දින සමස්ත දිවයිනටම බලපාන අයුරින් විදුලි පද්ධතියේ සිදුවූ පූර්ණ බිදවැටීම පිළිබදව සොයා බැලීමට පත්කල ස්වාධීන විශේෂඥ කමිටුවේ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට එන්නත්කරණය අද සිට

තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට

2021-02-23 @ 3:11 AM
4

ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනවුම් කරන ලද ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් ලබන 25 වැනිදා මෙරටට ලැබීමට නියමිත බව...

Gossip

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී
Foreign News

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

2021-02-21 @ 12:57 PM
74

ජනප්‍රිය විදෙස් ටික් ටෝක් තාරකාවියක් වූ Dazhariaa Quint Noyes සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගෙල වැලලාගෙන ඇය...

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

ෂාරුක් ඛාන්ව තමා මිලදී ගත් බව දැන ගත් ප්‍රීටි සින්ටා සිනහවෙන් දැක් වූ අමුතු ප්‍රතිචාරය

2021-02-19 @ 12:33 PM
120
නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

නයනතාරා 23 වැනි උපන් දිනය සැමරු අයුරු

2021-01-24 @ 10:40 AM
49
දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා

2021-01-24 @ 9:58 AM
46
ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

ඔලු දෙකක කැස්බෑ පැටියෙක්

2020-12-27 @ 9:41 AM
39
මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

මංජුලා කුමාරිගේ ඡායාරූප එකතුවක්

2020-10-24 @ 12:46 PM
65
LankaGround News

The only website covering provincial news in Sri Lanka.
The LankaGround website is the only website that brings you fast-paced information on politics, security, economy, sports, entertainment and fashion in the island, with a focus on local news.
You can also send us news. Submit your news to our email address below. We would also like to inform you that only confirmed news items will be published.

lankagroundnews@gmail.com

Follow Us

Recent News

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

පකිස්ථාන – ශ්‍රී ලංකා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවධානය

ශිවාජිලිංගම් රෝහල්ගත කරයි

මියගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තකින් හමුවෙයි

විදුලිය බිඳ වැටීම පිළිබඳ කමිටු වාර්තාව භාරදීම අද

තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට

Recent News

නිදහස් පක්ෂයෙ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වේ

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

2021-02-24 @ 3:54 PM
පකිස්ථාන – ශ්‍රී ලංකා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවධානය

පකිස්ථාන – ශ්‍රී ලංකා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අවධානය

2021-02-24 @ 3:52 PM
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 lankaground News - web developed by Walawa Creation.

No Result
View All Result
  • Astrology
  • Business News
  • Covid19
  • Foreign News
  • Local News
  • Sports News
  • Privacy Policy
  • Contact Us

© 2020 lankaground News - web developed by Walawa Creation.